තුන්සක රිය සොරාගත් පුද්ගලයකු අත්අඩංගුවට

පිළියන්දලින් සොරාගත් ත්‍රි රෝද රථයක් වර් ණ වෙනස් කිරීම සඳහා වැල්ලම්පිටිය  ගරාජයක් වෙත භාර දී තිබූ පුද්ගලයකු  අත්අඩංගුවට ගැනිමට පිලියන්දල පොලීසිය සමත්වී තිබෙනවා.

මෙම මස 14 වැනි දින බටකැත්තර ප්‍රදේශයේ පුද්ගලයකු පිළියන්දල නගරයේ වෙළෙඳ සලක් වෙත පැමිණ  තිරෝද රථය ඔර්ලෝසු කණුව අසල නවතා තිබියදී මෙම සොරකම සිදු ඇති අතර ඒ සම්බන්ධයෙන්  පිලියන්දල පොලිසියට ලද පැමිණිල්ලක් අනුව සිදුකළ පරීක්ෂණවලදී තිරෝද රථය කොළඹ දෙසට ගමන් ගන්නා අයුරු සීසීටීවී දර්ශන අනුව අනාවරණය කර ගැනීමට හැකිවී තිබිණි

ත්‍රී රෝද රථයේ හිමිකරු තිරෝද රථයේ ඡායාරූපයක් සමඟ විස්තර අඩංගු කර මුහුණු පොතේ පළ කිරීමෙන් අනතුරුව  වෙනත් තීරෝද රථ රියදුරකු වැල්ලම්පිටිය ගරාජයේ එම තිරෝද රථය තිබෙනු දැක  සිදුකළ දැනුම් දීමකින් අනතුරුව සැකකරු මට්ටක්කුලිය  ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි

සැකකරු සම්බන්ධයෙන් සිදුකළ  විමර්ශන වලදී  යාපනය ප්‍රදේශයේදි  හොරයින්  මත්කුඩු සමඟ පොලිස් අත්අඩංගුවට පත්ව ඇප මත සිටින සැක කරුවෙක් බවයි පොලිසිය පවසන්නේ. ඔහු වයස අවුරුදු තිස් දෙකක් වන සැකකරු මට්ටක්කුලිය පදිංචිකරුවෙකි 

පිලියන්දල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?