Fly high Get bonus Aviator Phone

තිළිණි ප්‍රියමාලි අදත් බන්ධනාගාරයෙන් පිටතට කැඳවාගෙන යයි

මහා පරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප්‍රියමාලි නැමැත්තිය අද (15) පෙරවරුවෙත් ස්ථානීය පරීක්ෂාවක් සඳහා වැලිකඩ බන්ධනාගාරයෙන් රැගෙන විත් ඇති බව වාර්තා වුණා.

බන්ධනාගාර නිලධාරීන්ගේ විශේෂ ආරක්ෂාව යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ස්ථානීය පරීක්ෂාව සඳහා ඇය රැගෙන ගිය බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර, තිළිණි ප්‍රියමාලි, ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පවත්වාගෙන ගිය ව්‍යාපාරික ස්ථානයේ සේවක සේවිකාවන්ගේ දුරකථන අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තු භාරයට ගෙන තිබෙනවා.

එම දුරකථන ඔස්සේ ද විමර්ශන කටයුතු තවදුරටත් සිදු කරන අතර, තිළිණි ප්‍රියමාලිට අයත් තවත් දුරකථන කිහිපයක් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයට ලක්කරමින් සිටින බවයි තොරතුරු වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?