තැඹිලි ගෙඩියේ වීඩියෝවට අදාළ කාන්තාව සිහියෙන් ඉඳලා නැහැ – පොලිසිය අධිකරණයට කියයි

තුනටියේ සහ කකුල්වල කැක්කුම සුව කිරීමට තෙල් සාත්තුවක් සිදු කරන මුවාවෙන් වයස අවුරුදු 38ක විවාහක කාන්තාවකට බරපතල ලිංගික අපයෝජනයක් කර එය වීඩියෝ ගත කර සමාජ මාධ්‍යයට මුදා හැරීයේ යැයි කියන සිද්ධියට අදාල කට්ටඩියෙක් සහ තවත් අයෙක්ට රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප මත මුදා හැරීමට අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරනු ලැබුවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් ඇහැලියගොඩ පොලිසිය සඳහන් කළේ සැකකරුවන් පළමුව පැමිණිලිකාරියගේ නළලේ තෙල් වර්ගයක් තැවරූ බවත් පසුව ඇය සැකකරුට දන්වා තිබුණේ තමන් පැමිණියේ තැඹිලි ගෙඩියක් මතුරා ගැනීමට බවත් පැමිණිල්ලේ සඳහන්ව තිබූ බවයි.

ඉන් පසුව සිදුවූ කිසිවක් තමන්ට මතක නැති බවත් සිහි විකල්ව සිට නැවත සිහිය පැමිණි පසුව සැකකරුවන් තමන්ට තැඹිලි ගෙඩියක වතුර පානය කිරීමට ලබා දුන් බවත් ඇය සිය පැමිණිල්ලෙන් දක්වා තිබූ බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.

ඉන් දින කිහිපයකට පසුව තමාගේ නිරුවත් දර්ශන ඇතුළත් වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසරන බවට සිය හිතවතියක තමන්ට දැනුම් දුන් බව පැමිණිලිකාරිය සිය පැමිණිල්ලෙන් දක්වා තිබූ බව පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළා..

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන තවමත් අවසන්ව නොමැති බැවින් සැකකරුවන් තවදුරටත් රක්ෂිත භාරයේ තබන ලෙසට මෙහිදී පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

සැකකරුවන් වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් නීතිඥවරුන් පැවසුවේ මෙම සිද්ධියේ පැමිණිලිකාර කාන්තාව සිහි විකලත්වයට පත් කොට නිරුවත් කර ඇය අපයෝජනය කර වීඩියෝ කළ බවට සිය සේවාදායකයින්ට එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.

සියල්ල සිදුව ඇත්තේ පැමිණිලිකාර කාන්තාවගේ කැමැත්තෙන් බවද පවසා සිටි නීතිඥවරුන් ඒ බව සමාජ මාධ්‍යයේ සැරිසරන වීඩියෝ පටය නැරඹීමෙන් මනාව වටහා ගත හැකි බව පවසා සිටියා.

ඒ අනුව සැකකරුවන් ඕනෑම ඇප කොන්දේසියක් මත මුදා හරින ලෙසද නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු දැක්වීම් සැලකිලල්ට ගත් අධිකරණය සැකකරුවන් යළි රිමාන්ඞ් බාරයට පත් කරන ලෙස පොලිසිය කළ ඉල්ලීම ඉවත දමමින් ඔවුන් ශරීර ඇප මත මුදා හරින්මන් සිද්ධියට අදාළ පරීක්ෂණ ලබන වසරේ මැයි මස 6 දින යළි කැඳවීමට නියෝග කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
3
+1
15
+1
4
+1
2
+1
1
+1
19
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට වඩා එහා ගිය හොරකමක් මේ ආණ්ඩුව කරනවා
08:59
Video thumbnail
භාණ්ඩාගාරයේ තියෙන Unlimited සල්ලිවලින්ද සහන දෙන්නේ..එකෙක් ත්‍රිකුණාමලයේ ගිහින් මල්වතු ඔය හොයනවා
15:07
Video thumbnail
සීලරතන හිමි වෛද්‍ය බෙල්ලෙනව හම්බවෙන්න එයි..දිලීත් රටටම කියන්න ඇන්ටිජන් එකට වගකියන්න ඕනේ කවුද කියලා
05:34
Video thumbnail
මුජිබුර්ට රතු කට්ට පනී - මුළු ලංකාවේම කුණු අයින් කරලා නෑ
03:48
Video thumbnail
විමල් ආණ්ඩුව හොඳවයින් අමතයි
08:14
Video thumbnail
ඇප ලැබුණ C.B. එළියට එද්දි උසාවිය ඉදිරියේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
උගන්ඩා කුමාරිහාමි දැන් නාමල් හොඳයිද..? කොට්ටහච්චි නාමල් එකතුවෙලා ජනපතිව එලවීමේ කුමන්ත්‍රණයක්
11:18
Video thumbnail
ඇප ලැබුණ C.B. එළියට එද්දි උසාවිය ඉදිරියේ උණුසුම් තත්ත්වයක්..මිනිස්සු සී.බීට දණග#ලා වදියි
02:07
Video thumbnail
අපේ ආරක්ෂාව තහවුරු කරන්න - මුජිබුර්ගෙන් පැමිණිල්ලක්
05:56
Video thumbnail
මේ දවස්වල ව්‍යාජ නෝට්ටු රට පුරා සැරිසරණවා..?..ළඟ තියා ගත්තොත් බරපතළ වැඩ සමඟ වසර 20ක සිර දඬුවම්
03:44


?