තැපැල් ඡන්දය ගැන මැතිවරණ කොමිසමෙන් විශේෂ දැනුම්දීමක්

මැතිවරණ කොමිසම විසින් සියලුම තැපැල් ඡන්ද සහතික කිරීමේ නිලධාරීන් වෙත විශේෂ දැනුම්දීමක් කර තිබෙනවා.

ඒ, අනුව දන්වා ඇත්තේ සහතික කරන තැපැල් ඡන්ද අයදුම්පත් මේ මස 20,21,22 හා 23 යන දිනයන්වල දී සිය කාර්යාලය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය වෙත අතින් ගෙනවිත් භාර දෙන ලෙසයි.

තැපෑලේ දී ඇති විය හැකි ප්‍රමාදවීම් හා මෙම කාලය අතරතුර සෙනසුරාදා සහ ඉරිදා නිවාඩු දිනයන් යෙදී තිබීම හේතුවෙන් නියමිත දිනට පෙර අයදුම්පත් නොලැබිය හැකි බැවින් මෙම තීරණය ගෙන ඇති බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.

එළඹෙන පළාත් පාලන ආයතන මැතිවරණයට අදාළව තැපෑලෙන් ඡන්දය සලකුණු කිරීම සඳහා වූ අයදුම්පත් භාරගැනීම ලබන 23 වනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් හමුවෙන්න ආ බ්‍රිතාන්‍ය උප අගමැති පිටව යයි
01:03
Video thumbnail
ටිල්වින්ගේ ඉන්දීය සංචාරය කැබිනට් මාධ්‍ය හමුවේදි ඇදෙයි..නාමල් ගියෙත් එහෙමයි
01:27
Video thumbnail
අසාධාරණයට ලක් වූ තරුණයන් නාමල් රාජපක්ෂ හමුවෙයි
06:21
Video thumbnail
මත්තල හයිවේ එකේ දැඩි උණුසුමක්..මහින්ද හදපු මත්තල හයිවේ එකේ මේ ප###ලා යන්න දෙන්නෙ නෑ..
04:53
Video thumbnail
මහජන ආරක්ෂක ඇමතිතුමා දැන් රෙදි ග#වලා යන්න ඕනේ
13:46
Video thumbnail
රට හොරා කෑවේ විශ්‍රාමය අතේ තියාගෙන..වටගල කුපිත වී හොඳම එකෙන් කියයි
09:27
Video thumbnail
බණ්ඩාරණායකලාට දොස් කියාගෙන එන්න එපා - චාමර සම්පත්ට තදවෙයි
06:44
Video thumbnail
ගෙවල්වල බ#ලෝ නෑව්වෙත් හමුදා භටයින්..ආනන්ද විපක්ෂයට කට උත්තර නැතිවෙන්නම දෙසයි..
07:28
Video thumbnail
චාමර සම්පත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
03:50
Video thumbnail
සා/පෙළ විභාග අපේක්ෂකයින් වෙත විශේෂ දැනුම්දීමක්..වංචනික වැඩ කළොත් දඬුවම සැරයි
05:01


?