Fly high Get bonus Aviator Phone

තැන වෙනස් වුනොත් පාකිස්ථානය ආසියානු කුසලානය වර්ජනයේ

ආසියානු කුසලානය පැවැත්වෙන ස්ථානයේ වෙනසක් සිදුවූව හොත් 2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් තම රට ඉවත්වන බව පාකිස්ථානය අනතුරු අඟවනවා.

පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධානී රමිස් රාජා සඳහන් කළේ ස්ථානය වෙනස් වුවහොත් 2023 ආසියානු කුසලානයෙන් ඉවත් වන බවයි.

2023 වර්ෂයේ දී ආසියානු කුසලාන තරගාවලිය පාකිස්ථානයේ පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, ඉන්දු – පාකිස්ථාන පසමිතුරුකම් හේතුවෙන් එය වෙනත් රටකට ගෙන යෑමට සැලසුමක් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ වාර්ෂික මහා සභා රැස්වීමෙන් පසු එහි ලේකම් ජේ ෂා පැවසුවේ, 2023 ආසියානු කුසලානය මධ්‍යස්ථ ස්ථානයක පැවැත්වෙනු ඇති බවයි.

2023 ආසියානු කුසලානය සඳහා ඉන්දියාවේ පාකිස්තාන සංචාරය ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අවසරය මත සම්පූර්ණයෙන්ම රඳා පවතින බවයි ඉන්දියාවේ මධ්‍යම ක්‍රීඩා අමාත්‍ය අනුරාග් තාකූර් පැවසුවේ.

2023 සැප්තැම්බර් 01 වනදා එක්දින තරගාවලියක් ලෙස ආසියානු කුසලාන තරගාවලිය ආරම්භ කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?