තාවකාලික පැවිද්දට තායිලන්තයට යන්න මෙරට රජයේ නිලධාරීන්ට අවස්ථාව

තායිලන්තයේ තාවකාලික පැවිද්ද සඳහා රජයේ නිලධාරීන් යොමු කිරීමේ වැඩපිළිවෙලක් මේ වනවිට ආරම්භ කර ඇති බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසනවා.

ඒ, අනුව තායිලන්ත රජුගේ ජන්ම දිනය මූලික කරගනිමින් දෙරට අතර ඓතිහාසික ආගමික සහ සංස්කෘතික සබඳතා වැඩිදියුණු කිරීම, ශ්‍රී ලංකාවේ බෞද්ධ ප්‍රජාව වෙනුවෙන්ම විශේෂ තාවකාලික පැවිදි වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තායිලන්ත රජය මෙම වසරේ සැලසුම් කර තිබෙනවා.

ඒ, අනුව මෙම වැඩසටහන එළඹෙන ජුනි මාසයේ දී දින 15ක් පුරාවට තායිලන්තයේ දි පැවත්වීමට කටයුතු යොදා ඇති බව සඳහන්.

මේ සදහා වැඩිදුර තොරතුරු බුද්ධශාසන, ආගමික හා සංස්කාතික කටයුතු අමාත්‍යාංශය වෙඩ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකියි.

මෙම අයදුම්පත් මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් යොමුකරන ලෙසත්, කිසිඳු හේතුවක් නිසා මාර්ගගත ක්‍රමයෙන් බැහැරව අයදුම් කිරීමට නොහැකි බවයි දැනුම් දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?