Fly high Get bonus Aviator Phone

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංවර්ධනය කිරීමේ ගිවිසුමට ඉන්දියාව සමග අත්සන් තැබීම තවත් මාසයකින්…

වසර එකහාමාරකට ආසන්න කාලයක් පැවති සාකච්ඡාවලින් පසු ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංවර්ධනය කිරීමේ ගිවිසුමට ඉන්දියාව සමග අත්සන් තැබීම තවත් මාසයකින් පමණ සිදුකරන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා පවසනවා.

හිංදු පුවත්පත සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී අමාත්‍යවරයා අනාවරණය කලේ මේ සඳහා ත්‍රිකුණමලය ඉන්ධන පර්යන්ත සමාගම යනුවෙන් අනුබද්ධ සමාගමක් පිහිටුවන ලෙස තමන් ඛණිජ තෙල් සංස්ථාවට උපදෙස් දුන් බවයි.

ලබන සතියේදී පැවැත්වෙන මීළග කැබිනට් මණ්ඩල රැස්වීමේදී මීට අදාළ අනුමැතිය ලබාගැනීමට බලාපොරොත්තු වන බවද උදය ගම්මන්පිළ මහතා කියාසිටියා.

චීන වරායේ පිහිටුවා ඇති තෙල් ටැංකි 99 හි එක් ටැංකියක ඉන්ධන කිලෝලීටර් 12,000 බැගින් ගබඩා කල හැකි පහසුකම් පවතිනවා. ඉන් 15 ක් දැනට නඩත්තු කරනුයේ ලංකා අයි ඕ සී සමාගම විසිනුයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?