ත්‍රී රෝද රථයක් පෙරළී ළමයින් 9කට තුවාල

ප්‍රමාණය ඉක්මවා පාසල් ළමයින් රැගෙන ගිය ත්‍රී රෝද රථයක් පෙරළීමෙන් දරුවන් 09 දෙනෙකු තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පොලිසිය පැවසූවේ යාපනය, උදයපුරම් ප්‍රදේශයේදී අද දහවල් මෙම ත්‍රී රෝද රථය වංගුවක් සහිත ස්ථානයකදී පෙරළී ගොස් ඇති බවයි.

කොළොම්පුතුරෙයි හින්දු විද්‍යාලය හා කොළොම්පුතුරෙයි තුරෙයිරාසා විද්‍යාලයේ පාසල් දරුවන් පාසල් අවසන් වී නැවත නිවෙස් වෙත රැගෙන යන අවස්ථාවේ මෙම අනතුර සිදුවී තිබෙනවා.

පොලිසිය පැවසූවේ ප්‍රමාණය ඉක්මවා දරුවන් රැගෙන යන අවස්ථාවේ අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් ත්‍රී රෝද රථ රියදුරුද තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර රෝහල්ගත කළ පාසල් දරුවන්ගේ තත්වය බරපතල නොවන බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්මලා, තාත්තලා තමයි දරුවන්ගේ හිත්වලට වි#ෂ පොවන්නේ
05:28
Video thumbnail
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසා ස්ටාලින්ට රතු කට්ට පනී
14:27
Video thumbnail
කොළඹ 07 නෝනලාට සත්ත්ව කරුණාව මතක් වෙන්නේ දළදා පෙරහැර කාලයට විතරයි
06:05
Video thumbnail
සබදු අපි කදු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගගක ගලන|දැවෙන සිතට දම් සිසිලක් සජීවීව🔴
01:33:09
Video thumbnail
අර නිවාස ඇමතිට සෙල්ලම් ගෙයක්වත් හදන්න බෑ
03:26
Video thumbnail
ආණ්ඩුව උදව් කරන්න ගිය අපිට කා#ලකණ්නි කියලා කිව්වා
06:43
Video thumbnail
සජිත්ට බස් මෑන් කියපු එවුන්ට අද වැසිකිළියක්වත් හදාගන්න බෑ
13:11
Video thumbnail
මාලිමාවට ඡන්දේ දුන්නේ බුදු දහම අතුගාලා දාන්න නෙමෙයි
09:12
Video thumbnail
මාලිමාවේ සෙට් එකත් රාජ්‍ය සම්පත් අවභාවිතා කරලා..?
02:49
Video thumbnail
මුස්ලිම් පල්ලියක් ඇතුළේ සිදුවුණු කැත වැඩක් - මාධ්‍යවේදියෙක්ට පල්ලියක් ඇතුළේ කරපු දේ
01:58


?