Indian Premier League

ත්‍රිරෝද රථ රියදුරෙකු පවත්වාගෙන ගිය කසිප්පු ස්කාගාරයක් වටලයි

පිලියන්දල ප්‍රදේශයේ කුලී නිවසක ත්‍රිරෝද රථ රියදුරෙකු විසින් මහාපරිමාණයෙන් පවත්වාගෙන ගිය කසිප්පු ස්කාගාරයක් වැටලීමට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහූ අද (27) සමත්වූහ.

මෙහිදී අත්අඩංගුවට පත්ව ඇත්තේ 43 හැවිරිදි ත්‍රිරෝද රථ රියදුරෙකි.

කසිප්පු ස්කාගාරය වටලා කසිප්පු බෝතල් 45ක්, ගෝඩා බැරල් 3ක් ලිපක්, දගරයක්, ගෑස් සිලින්ඩර් 2 ක් පොලිස් භාරයට ගෙන ඇත .

දීර්ඝ කාලයක් මුළුල්ලේ සැකකරු මෙම ජාවාරමේ නිරතව සිට ඇති අතර මොරෙටුව , පිලියන්දල, බොරලැස්ගමුව, කැස්බැව, යන ප්‍රදේශවලට තොග වශයෙන් කසිප්පු ප්‍රවාහනය කරමින් විකුණා ඇත.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක නිලන්ත ගමගේ, උප පොලිස් පරික්ෂක සම්පත් ,උප පොලිස් පරික්ෂක නීල්, පොලිස් කොස්තාපල් 40527 කුමාර,පොලිස් කොස්තාපල් 73256 අසේල, පොලිස් කොස්තාපල් 93748 ජයවර්ධන, පොලිස් කොස්තාපල් රියදුරු 86719 ශාන්ත යන නිලධාරී විසින් මෙම වැටලීම සිදු කර ඇත.

https://youtu.be/on1pauEFiuI
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?