spot_imgspot_img

ත්‍රිරෝද රථයක් සහ පාපැදියක් එකිනෙක ගැටී සිදුවූ මාරක අනතුර

අනතුරෙන් මියගොස් ඇත්තේ අලුත්ගම දර්ගා නගරය ගග අද්දර පාරේ පදිංචිව සිටී මොහොමඩ් ෆයිසල් මොහොමඩ් සෆරුල්ලා නැමැති 32 හැව්රිදි පුද්ගලයකු බව පොලිසිය කීය.

ත්‍රිරෝද රථය ඊයේ (07) රාත්‍රි 9.15 ට පමණ අළුත්ගම දෙස කළුතර දෙසට ධාවනයවී ඇති අතර දැව සංස්ථාව ආසන්නයේදී එදෙසෙටම ධාවනයවූ පාපැදිකරුගේ ගැටී අනතුර සිදුව ඇති බව පොලිසිය කීය.

බරපතළ තුවාල ලැබූ පාපැදිකරු බේරුවල ප්‍රාදේශීය රෝහලට රැගෙන ගොස් ඇති අතර , රෝහල් ගතකිරිමේදී මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

ත්‍රීරෝද රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කළුතර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .

මෘතදේහය බේරුවල ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර ඇති අතර , පශ්චාත් මරණ පරීක්ෂණය සදහා කළුතර ශීක්ෂණ රෝහලට යොමුකිරීමට නියමිත බව සදහන්වේ.

අලුත්ගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?