ත්‍රිරෝද රථයක් සහ කන්ටේනරයක්‌ ගැටී වාරියපොළ – කළුගමුව මාර්ගයේ අනතුරක්

ඊයේ (24) රාත්‍රියේ වාරියපොළ – කළුගමුව මාර්ගයේ පඹේගම ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයක් සහ කන්ටේනර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් ත්‍රිරෝද රථයේ සිටි පුද්ගලයින් පස්දෙනෙකු තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙහිදී එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මියගිය පුද්ගලයා මාස්පොත ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙක්.

අනතුර සම්බන්ධයෙන් කන්ටේනර් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර, වීරඹුගෙදර පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?