තවත් හෙරොයින් තිත්පොලක් වටලයි

ඊයේ (06) රාත්‍රී කාලයේ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ලද තොරතුරක් මත සිදුකල වැටලීමකින් අම්බලන්තොට පාලම අසලදී හෙරොයින් ග්‍රෑම් 40 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වයස අවුරුදු 19 ක් වන අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර සැකකරුගෙන් අනාවරණය කරගත් තොරතුරු මත කැස්බෑව පොලිස් වසමේ සිද්ධමුල්ල ප්‍රදේශයේ පිහිටි නිවසක් පරීක්ෂා කර හෙරොයින් කිලෝ 06 ග්‍රෑම් 176 ක් , මිලිමීටර් 09 වර්ගයේ පිස්තෝල පතොරම් 19 ක් , සීල් යන්ත්‍රයක් , හෙරොයින් පැකට් කිරීමට යොදා ගන්නා උපකරණ හා ද්‍රව්‍ය , ව්‍යාජ වාහන අංක තහඩු දෙකක් , වෙනත් ලිපි ලේඛණ සහ වාහනයක ස්විච් යතුරක් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සොයා ගෙන ඇත.

වැටලීම සිදුකරන අවස්ථාවේදී සැකකරුවන් පලා ගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා කැස්බෑව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

හෙරොයින් ග්‍රෑම් 40 සමඟ අත්අඩංගුවට ගත් සැකකරු අම්බලන්තොට පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර ,(07) අද දින හම්බන්තොට ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත . තංගල්ල කොට්ඨාසයේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය , අම්බලන්තොට හා කැස්බෑව පොලිස් ස්ථන මගින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?