තවත් වෙඩි තැබීමක්

බෙලිඅත්ත, තාරපේරිය, නිහිලුව ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයෙකු විසින් ඊයේ (23) රාත්‍රී කාලයේදී එම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ, 42 හැවිරිදි තාරපේරිය, නිහිලුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අදාළ පුද්ගලයාගේ නිවසේදී මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය සඳහන් කරයි.

මේ අතර වැල්ලම්පිටිය පොලිස් වසමේ මීතොටමුල්ල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

බේකරියක සේවය කරමින් සිටි පුද්ගලයෙකුට එම බේකරියේ කලින් සේවය කළ පුද්ගයෙකු පිහියකින් ඇන එම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය පවසයි.

ඊයේ අලුයම් කාලයේදී එම ඝාතනය සිදුකර ඇති බවට වාර්තා වෙයි.

එලෙස මියගොස් ඇත්තේ, 37 හැවිරිදි මකල්දෙනියවත්ත, කොස්ලන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

එම ඝාතනය සිදුකළ සැකකරු පළාගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වැල්ලම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
1
හරි හිනා !
1
හම්මෝ !
2
මාර දුකයි !
12
මලපනිනව !
4
කුජීතයි !
2
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?