තවත් රාජපක්ෂ කෙනෙක් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ සූදානමක ?

පාර්ලිමේන්තුව තුළ සිටින රාජපක්ෂ පවුලේ තවත් මන්ත්‍රීවරයකු සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ සූදානමක් පවතින බවට දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

ඔහු ඉදිරි සති කිහිපය තුළ සිය මන්ත්‍රී ධුරයෙන් ඉවත්ව, දේශපාලනයෙන් ද විශ්‍රාම යාමට බොහෝදුරට ඉඩ ඇති බවයි වාර්තා වන්නේ.

රාජපක්ෂ පවුලේ චමල් රාජපක්ෂ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ඇමති නාමල් රාජපක්ෂ සහ ,හිටපු රාජ්‍ය ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ යන අය මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් කටයුතු කරනවා.

මේ අතර හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ පසුගිය දා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව නිල වශයෙන් නිවේදනය කළා.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ තමන් රාජ්‍ය පාලනයෙන් ඉවත් වුව ද දේශපාලනයෙන් ඉවත් නොවන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
28
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?