හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිනී තිලකසිරි සහ කැස්බෑව නගර සභාවේ හිටපු සභාපති ගාමිනී සිල්වා යන මහත්වරුන් සමගි ජන බලවේගය හා එක්විය.
කොළඹදී අද (16) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඔවුන් හමුවිය
පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 100 වැනි අදියර යටතේ බොරලැස්ගමුව මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ උත්සව අවස්ථාවටද ඔවුන් දෙදෙනා එක්ව සිටියා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී තිලකසිරි මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝමාගම සංවිධායකවරයා මෙන්ම බස්නාහිර පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයකුද වූ අතර ගාමිණී සිල්වා මහතා කැස්බෑව නගර සභාවේ හිටපු සභාපති මෙන්ම හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙසද කටයුතු කළා.