තවත් බිත්තර ලක්ෂ 20ක් අඟහරුවාදා එයි

ඉන්දියාවෙන් තවත් බිත්තර ලක්ෂ 20ක් ලබන අඟහරුවාදා දිවයිනට ආනයනය කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා.

එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා සඳහන් කළේ, මෙරටට ආනයනය කළ පළමු බිත්තර තොගය බෙදා හැරීම ඊයේ (31) ආරම්භ කළ බවයි.

මහා පරිමාණ බේකරි හා හෝටල් සඳහා රුපියල් 35ක මිලකට එම බිත්තර බෙදා හැරීමට පියවර ගත් බවයි ඔහු ප්‍රකාශ කළේ.

මේ අතර, සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පැවසුවේ, මෙරට සමස්ත බිත්තර මිළ අඩු වනතෙක් තම නිෂ්පාදනවල මිල අඩු කළ නොහැකි බවයි.

දැනට ආනයනය කරන බිත්තර සිය අවශ්‍යතාව සපුරාලීමට ප්‍රමාණවත් නොවන බව එහි සභාපති එන්. කේ. ජයවර්ධන මහතා ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?