තවත් ග්‍රාම නිලධාරී කොට්ඨාස කිහිපයක් හුදකලා කෙරේ

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී කොට්ඨාස කිහිපයක් මේ මොහොතේ සිට හුදකලා කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව එම දිස්ත්‍රික්කයේ උප්පුවේලී පොලිස් බල ප්‍රදේශයේ සුමේදගම්පුර ග්‍රාම නිලධාරී කොට්ඨාසය, ත්‍රිකුණාමලය පොලිස් බල ප්‍රදේශයේ මූදෝවී ග්‍රාම නිලධාරී කොට්ඨාසය, කොවිල්අඩි ග්‍රාම නිලධාරී කොට්ඨාසය, ලිංගනගර් ග්‍රාම නිලධාරී කොට්ඨාසය මේ මොහොතේ සිට හුදකලා කෙරේ.

එමෙන්ම චීන වරාය පොලිස් බල ප්‍රදේශයේ කාවට්ටිකුඩා ග්‍රාම නිලධාරී කොට්ඨාසය සහ 
චීන වරාය ග්‍රාම නිලධාරී කොට්ඨාසය හුදකලා කරන බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?