සීදුව දඬුගම් ඔය ආසන්නයේ තිබූ ගමන් මල්ලක තිබී පුද්ගල මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.
එය පිරිමි පුද්ගලයෙකු මළ සිරුරක් බවට මේ වනවිට හඳුනාගෙන තිබේ.
මෙම මරණකරු වයස අවුරුදු 35ත් 40ත් අතර පමණ වයසැති උස අඩි 05යි අඟල් 08ක් වන සාමාන්‍ය සිරුරක් සහිත හිසකෙස් අඟල් 02ක් පමණ දිග පිරිමි පුද්ගලයෙකු වන බව පොලීසිය පවසයි.
එමෙන්ම ඔහු රතු පැහැති කමිසයක් සහ දුඹුරු පැහැති දිග කලිසමක් හැඳ සිටි බව සඳහන්ය.
මරණකරුගේ ගෙලෙහි දකුණු පස තරු සලකුණු 07ක් සහිත පච්චයක් කොටා ඇති බවත් හිස දෙපස හා නිකටෙහි තුවාල සලකුණු දක්නට ඇති බවත් පොලීසිය සිදු කළ පරීක්ෂණවල දී සෙයාගෙන ඇත.
මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදු කර මෘත ශරීරය මීගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, සීදූව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.