තවත් කොවිඩ් මරණ 48ක්

තවත් කොරෝනා ආසාදිත මරණ 48 ක් ඊයේ (26) සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද දිනයේ තහවුරු කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 4,195ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
මේ අතර, තවත් කොවිඩ් ආසාදිතයින් 1,185ක් මෙරටින් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 299, 366ක් දක්වා ඉහළ යනවා.

මේ අතර, කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලැබූ 1349 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 270,356 ක් දක්වා ඉහළ යන බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.

278169 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?