තවත් කොරෝනා මරණ 27ක්

ශ්‍රී ලංකාවෙන් කොරෝනා වෛරසය ආසාදිත මරණ 27ක් වාර්තාවී තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ තහවුරු කළ මෙම මරණ 27ත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 14399ක් ලෙසටයි.

ඊයේ තහවුරු කළ මෙම මරණ අතර අවුරුදු 30ට අඩු වයස් කාණ්ඩයේ කිසිදු මරණයක් වාර්තාවී නැහැ.

අවුරුදු 30ත් 59ත් අතර පිරිමි පුද්ගලයන් 05ක් සහ කාන්තාවන් 3ක් වනවා.

අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ මරණ 19ක් වන අතර ඒ පිරිමි 11ක් සහ කාන්තාවන් 8ක් වශයෙන්.

මෙරටින් කොරෝනා ආසාදිතයන් 565271ක් හමුවී ඇති අතර ඉන් 9748ක් නිවෙස්වල හෝ රෝහල්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවනවා. සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 541124ක්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?