තරුණ යුවළක් මිනුවන්ගොඩ – ඕපාත පාලමෙන් දඬු ගඟට පනී (ඡායාරූප)

මිනුවන්ගොඩ, කොටුගොඩ – ඕපාත පාලමෙන් තරුණ යුවළක් දඬු ගඟට පැන තිබෙනවා.

සියදිවි හානිකර ගැනීමට මොවුන් දෙදෙනා මෙලෙස පාලමෙන් ගඟට පැන ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස පාලමෙන් පැන්න යුවළගේ තරුණියගේ සිරුර මේ වනවිට හමුව ඇති බවයි දැන ගන්නට ලැබුණේ.

මියගිය තරුණිය 26 හැවිරිදි වියේ පසුවන අතර, තරුණයා අවුරුදු 29 හැවිරිදි වියේ පසුවූ අයෙක් බව සඳහන්.

ඔහුගේ සිරුර සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

මෙම තරුණයා සහ තරුණිය අතර ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගොස් තිබූ බවටයි අනාවරණය වී ඇත්තේ.

මොවුන් මෙලෙස සියදිවි හානිකර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?