spot_imgspot_img

තරුණයෙකුගේ මරණය ගැන ඥාතීන් විධිමත් විමර්ශනයක් ඉල්ලයි

බදුල්ල තල්දෙන ප්‍රදේශයේ 19 හැවිරිදි තරුණයෙකුගේ මරණය සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදු කර සැකකරුවන් සොයා නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඥාතීන් ඉල්ලීමක් කරනවා.

පසුගියදා මීගහකිවුල නගරයේ පැවති තොරණක් බැලීමට යන බවට නිවසට පවසා පිටත්ව ගිය ඔහු පාලමක් අසල වැටී සිටින බවටයි එදින රාත්‍රී දෙමව්පියන්ට දුරකථන ඇමතුමක් ලැබී ඇත්තේ.

පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ බදුල්ල සිට යාපනය දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක සිටි පිරිසක් විසින් මෙම තරුණයා පාලම මත වැටී සිටින ආකාරය දැක පොලිසියට සහ නිවැසියන්ට දැනුම්දී ඇති බවයි.

ගිලන් රථයක් මගින් ඔහු බදුල්ල මහ රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී දින දෙකකට පසුව මරණයට පත්ව තිබෙනවා.

හිසට සිදු වූ බරපතල තුවාල හේතුවෙන් මෙම මරණය සිදුවී ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවී ඇතැයි සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් පැවැත් වූ මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී පොලිසියට නියෝග කෙරුණේ මෙම මරණය පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටයි.

කෙසේවෙතත් මේ දක්වා මෙම තරුණයාගේ මරණයට සම්බන්ධ කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති බවටයි ඥාතීන් චෝදනා කරන්නේ.

මෙම තරුණයා වැටී සිටි ස්ථානයේ පාලම් දෙකක් පවතින අතර එක් පාලමක් අසල ලේ පැල්ලම් තිබී ඇති අතර තරුණයා වැටී සිට ඇත්තේ වෙනත් පාලමක් අසලයි.

එබැවින් මෙය ඝාතනයක් බවට සැක කරන අතර පොලිස් පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මකයි.

අප වාර්තාකරු සඳහන් කළේ මියගිය තරුණයාට තවත් සහෝදරයෙකු සහ සහෝදරියකු සිටින අතර පියාට ද ස්ථිර රැකියාවක් නොමැති බවයි.

මියගිය තරුණයා බදුල්ල කාර්මික විද්‍යාලයේ වඩු කර්මාන්තය පිළිබඳ පාඨමාලාවක් හදාරමින් සිටි අයෙක් බව ද සඳහන්.

මෙම අභිරහස් මරණයට සම්බන්ධ සැකකරුවන් සොයා නීතිය ක්‍රියාත්මක කරන ලෙසටයි පවුලේ ඥාතීන් ඉල්ලා සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
0
+1
5
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?