තර්ජන කරමින් ෆේස් බුක් එකේ වැඩ දැමූ අරගල සාමාජිකයා අත්අඩංගුවට

තම ෆේස්බුක් ගිණුමේ මහජන කැලඹීමක් ඇති වන ආකාරයෙන් නිදහස් උත්සවයට සමගාමීව විවිධ අදහස් පළ කළ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු මහජන කැළඹීමක් ඇතිවන ආකාරයේ අදහස් විවිධ ආකාරයෙන් සකස්කර ඔහුගේ ෆේස් බුක් ගිණුමට ඇතුළත් කර තිබූ බවටයි පරිගණක අපරාධ කොට්ඨාසය සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.

සැකකරුගේ ෆේස් බුක් ගිණුම පරීක්ෂාකර සවිස්තර වාර්තාවක් ලබා ගැනීමෙන් අනතුරුව මහරගම ප්‍රදේශයේ දී සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු කොටුව ජනාධිපති මන්දිරයට ඇතුළු වීම සහ රූපවාහිනි සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුළු වීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ කුරුඳුවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර නඩු විභාග වෙමින් පවතින පුද්ගලයෙක් බවටයි පොලිසිය අනාවරණ කරගෙන ඇත්තේ.

40 හැවිරිදි සැකකරු ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?