තම නැඟණිය ගැබිණියක් බවට පත් කළ 25 හැවිරිදි තරුණයෙකුව අත්අඩංගුවට

තම නැගණියට අතවර කර ඇයව ගැබිණියක් බවට පත් කළ 25 හැවිරිදි තරුණයෙකුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ බිංගිරිය – තිස්සෝගම, බෝගොඩයාගම පදිංචි තරුණයෙක්.

වයස අවුරුදු 16 ක් වන අවිවාහක තරුණියක් ගැබිණියක් බවත්,ඇයට ලිංගික අතවර සිදු කර ඇත්තේ තම සහෝදරයා විසින් බවටත් වන තොරතුරක් පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබී ඇත.එම තොරතුර අනුව ක්‍රියාත්මක වූ පොලීසිය අදාල ගැබිණිය හමුවී ප්‍රකාශයක් ලබා ගෙන තිබේ.

මීට මාස 04 කට පමණ පෙර දිනයකදී තම සහෝදරයා විසින් තමන්ට ලිංගික අතවරයක් සිදු ඛ බව එහිදී තරුණිය පවසා ඇත.එමෙන්ම තමන් දැනට ගැබිණියක් බවද ඇය පවසා ඇත. ඇයගේ ප්‍රකාශය අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබෙනවා.

අතවරයට පත්ව මේ වන විට ගැබිණියක් බවට පත්ව ඇති තරුණිය වෛද්‍ය ප්‍රතිකාර සදහා කුලියාපිටිය ශීක්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

බිංගිරිය පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
7
+1
1
+1
2
+1
12
+1
4
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?