spot_imgspot_img
spot_img

තද වැසි ගැන අවවාදාත්මක නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, නැගෙනහිර පළාත් සහ කුරුණෑගල මෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික් සඳහා අද පස්වරු 1ට මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ හෙට (13) පස්වරු 1 දක්වා වලංගු වන ආකාරයෙන්.

එම නිවේදනයේ දැක්වෙන්නේ දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින ආශ්‍රිතව පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තුවන බවයි.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ සහ නැගෙනහිර පළාත්වලත් කුරුණෑගල සහ පොළොන්නරුව දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ජනතාවට දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?