spot_imgspot_img
spot_img

“ඩොල්ෆින් චන්දන” අත්අඩංගුවට

දිවයිනේ ප්‍රදේශ ගණනාවක වාහන වංචා රැසකට පොලිසි ගණනාවකට අවශ්‍යව සිටි “ඩොල්ෆින් චන්දන” නැමැත්තා
මාවතගම ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුට එරෙහිව අධිකරණ රැසකින් වරෙන්තු 6ක් නිකුත් කර ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

සැකකරු හෝමාගම වංචා විමර්ශන අංශය, කොළඹ අපරාධ කොට්ඨාසය, ගාල්ල විශේෂ අපරාධ විමර්ශන අංශය, තංගල්ල විශේෂ අපරාධ විමර්ශන අංශය සහ කොළඹ වංචා විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගැනීම සඳහා සොයමින් සිටි පුද්ගලයකු බව පොලිසිය ප්‍රකාශ කළා.

සැකකරු කූඨ ලේඛන සකසමින් වාහන වංචා සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

වංචනික ලේඛණ සකසා වාහන වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරු පූගොඩ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බන්ධනාගාර ගත කර සිට ඇප මත මුදා හැරීමෙන් අනතුරුව අධිකරණය වෙත ඉදිරිපත් නොවීම හේතුවෙන් වරෙන්තු නිකුත් කර තිබූ පුද්ගලයකු බව සඳහන්.

පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි සැකකරු සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?