ඩොලර් සංචිත ප්‍රමාණවත් නැහැ…

මේ මොහොත වන විට රටතුළ පවතින විදේශ සංචිත ප්‍රමාණය රටේ ඉදිරි පැවැත්මට කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා.

කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ ජේ්‍යෂ්ඨ කතිකාචාර්‍ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ පැවසුවේ ඉදිරියේදී භාණ්ඩ හිඟවීමක් සහ ආනයනික සීමා දැඩිවීමක් සිදුවිය හැකි බවයි.මාසික ආනයන සදහාවත් මේ සංචිත ප්‍රමානවත් නැති බව ඔහු වැඩි දුරටත් පැවසුවා.එසේම කෙටි කාලීනව භාණ්ඩ හා සේවා හිඟ වීමත් ඇති විය හැකි බවත් ඔහු සදහන් කලා.

නොවැම්බර් මාසය වන විට මෙරට නිල සංචිත සහ වත්කම් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 1,587ක් වන බව පාර්ලිමේන්තුවේදී ඉකුත්දා අනාවරණ කෙරුණා.

ඒ අතරින් පවතින විදේශ විනිමය සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 1,009යි දශම 5ක් වනවා.

මේ මොහොතේ මෙම ගැටලුවෙන් ගොඩ ඒමට නම් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල දෙසට යොමු වීම හොදම විසදුම බව ඔහු පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?