ඩොනල්ඩ් ලූ එළඹෙන සතියේ ශ්‍රි ලංකාවේ සංචාරයක

ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු හා මධ්‍යම ආසියානු කලාප භාර සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ (Donald Lu) එළඹෙන සතියේ දී මෙරට සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.

ඔහු සමඟ එරට රජයේ ඉහළ පෙළේ දූත පිරිසක් ද මෙරටට පැමිණෙන බවයි වාර්තා වන්නේ.

සහකාර රාජ්‍ය ලේකම්වරයා මෙම සංචාරය තුළදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු රජයේ ඉහළපෙළේ නිලධාරීන් හමුවීමට නියමිතයි.

මේ අතර පසුගිය මාසයේදී ද අමෙරිකානු ඉහළ පෙළේ නියෝජිතයින් කිහිපදෙනෙක් මෙරට සංචාරයක නිරත වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?