ඩෙල්ටාවේ දරුණු ප්‍රභේද ඇතිවීමේ අවදානමක්

ඩෙල්ටා ප්‍රභේදය රට‌ පුරා වේගයෙන් පැතිර යාමත් සමග එම ප්‍රභේදයේ යම් යම් වෙනස් ප්‍රභේදයන් ඇතිවිය හැකි යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ජෛව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ චන්දිම ජීවන්දර සඳහන් කරයි.මෙසේ ඇතිවන නව ප්‍රභේදය ඩෙල්ටා ප්‍රභේදයට වඩා දරුණු විය හැකි හෝ නොවිය හැකි යැයිද ඔහු අවධාරණය කරයි. කෙසේ නමුත් නව ප්‍රභේදයන් ඇතිවන්නේද නැද්ද යන්න පිළිබඳව කොවිඩ් රෝගීන්ගේ ජාන විශ්ලේෂණ පරීක්ෂණයන් අඛණ්ඩව සිදුකරමින් පවතින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

සාමාන්‍යයෙන් ඕනෑම වයිරසයක් වේගයෙන් පැතිර යාමේදී එම වයිරස් ප්‍රභේදයේ විවිධ වෙනස්කම් සිදුවී නව ප්‍රභේදයන් ඇතිවන බව ඔහු පෙන්වා දේ.

ශ්‍රියානි විජේසිංහ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?