spot_imgspot_img

ඩිවිලියස්ගේ එක්දින ලෝක වාර්තාව තම නම ඉදිරියේ ලියාගත් යොවුන් ඕස්ට්‍රේලියානුවා

දකුණු අප්‍රිකානු හිටපු සුපිරි ක්‍රීඩක ඒබී ඩිවිලියස් විසින් එක්දින පිටියේ තබා තිබූ වේගවත්ම ශතකයේ වාර්තා බිඳ දමන්නට යොවුන් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෙක්ට අද හැකියාව ලැබුණා.

දකුණු ඕස්ට්‍රේලියානු පිතිකරු ජේක් ෆ්රේසර්-මැක්ගුර්ක් විසින් මෙම වාර්තාව බිඳ දමන්නට සමත් වුණේ පන්දු 29ක් තුළ ශතකයක් රැස්කරමින්.

මීට පෙර ඒබී ඩිවිලියස් 2015 වසරේ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව පන්දු 31කදී ශතකයක් වාර්තා කරමින් ලොව වේගවත්ම එක්දින ශතකයට හිමිකම් කියන්නට සමත් වුණා.

List-A තරගයක් වන මාෂ් එක්දින කුසලාන තරගාවලියේ තරගයක දී තවමත් 21 හැවිරිදි වියේ පසුවන ජේක් ෆ්රේසර්-මැක්ගුර්ක් විසින් එම වාර්තා තම නම ඉදිරියේ ලියා ගත්තා.

ටස්මේනියාවට එරෙහිව පැවති තරගයේ දී දකුණු ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කළ ජේක් ෆ්රේසර්-මැක්ගුර්ක් පන්දු 38ක් තුළ වේගවත් ලකුණු 125ක් රැස් කළා.

ඔහුගේ මෙම ඉනිමට හයේ පහර 13ක් සහ හතරේ පහර 10ක් ඇතුළත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
5
+1
3
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?