ඩයනාගේ පැමිණිල්ල ගැන සියලු ප්‍රකාශ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස CIDයට නියෝග

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවය හා විදේශ ගමන් බලපත්‍රය සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනවලට අදාළව මේ දක්වා සටහන් කරගෙන තිබෙන සියලු ප්‍රකාශවල පිටපත් මේ මස 23 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

මෙම නඩු කටයුතු සඳහා නීතිපතිවරයාගේ සහාය ලබා ගැනීමට තමන් තීරණය කරන බව සඳහන් කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ ඒ බව දන්වමින් නීතිපතිවරයා වෙත ලිපියක් යොමුකරන බවයි.

නීතිපතිවරයාගේ සහාය ලබා ගැනීම තුළින් මෙම නඩුවට සම්බන්ධ බොහෝ ගැටලු නිරාකරණය කිරීමට හැකි වනු ඇති බවත් මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේ පැවසුවා.

අනතුරුව පැමිණිල්ල ලබන 23 වනදා කැඳවීමට ද නියම වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?