ටෙස්ට් ටුවෙන්ටි ක්‍රීඩාව සාර්ථක වෙයි ද ?

පන්දුවාර 80කින් සමන්විත නව ක්‍රිකට් ආකෘතියක් ලබන ජනවාරි මාසයේ ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මඟින් හඳුන්වා දීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා.

ඒ අනුව එම ආකෘතියේදී එක් කණ්ඩායමක් ඉනිම් දෙකක් ක්‍රීඩා කරන අතර, එක් ඉනිමක් සඳහා පන්දුවාර 20ක් අඩංගු වනවා.
ඒ අනුව ටෙස්ට් තරගයක මෙන් එක් කණ්ඩායමක ඉනිමකින් පසු අනෙක් කණ්ඩායම විසින් තවත් ඉනිමමක් ක්‍රියාත්මක කරන අතර එවැනි ඉනිම් හතරක් සමස්ථ තරගයේ දී ක්‍රියාත්මක වනවා.

කෙසේ වෙතත් මේ පිළිබදව ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තවමත් නිල වශයෙන් දැනුම් දීමක් සිදුකර නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
21
+1
6
+1
14
+1
4
+1
2
+1
1
+1
19
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?