දිලීරයකින් බෝවන ටීනියා හුදෙක් චර්ම රෝගයක් මිස කොරෝනා වසංගතය සමඟ ඍජු සම්බන්ධතාවක් නොමැති බව චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන් පවසනවා.
මිනිසුන්, සතුන් සහ පසෙහි ඇති දිලීර විශේෂයක් නිසා මෙම චර්ම රෝගය ඇතිවන අතර, නියපොතු, හිස කෙස් සහ සමෙහි බාහිර ස්ථරය තුළ එය වැඩෙමින් පවතින බවයි වාර්තා වන්නේ.
සම කැසීම, රතු පැහැ ලප හටගැනීම, දහදිය වැඩි වශයෙන් හටගන්නා ස්ථානවල මෙම රෝග ලක්ෂණ වැඩි වශයෙන් පවතින අතර, ඕනෑම වයස් කාණ්ඩයකට එය ඇතිවිය හැකි බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.
සම පිරිසිඳුව හා තෙත් බවින් තොරව පවත්වාගැනීම, ඇඳුම් ඇතුලු දෑ හවුලේ පරිහරණයෙන් වැළකීම, සිරුරට සිර නොවන ඇඳුම් භාවිතය, සුරතල් සතුන් අනවශ්‍ය ලෙස සිරුරට ළං කර නොගැනීම හරහා මෙම රෝගයෙන් වැළකිය හැකියි විශේෂඥ වෛද්‍යවරු කියා සිටියේ.
මෙය රෝගය නිට්ටාවට සුවකළ හැකි බැවින් රෝග ලක්ෂණ පවතින්නේ නම් කඩිනමින් වෛද්‍යවරයෙකු හමුවන ලෙසට චර්ම රෝග විශේෂඥවරුන් ඉල්ලා සිටිනවා.