ට්‍රම්ප් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන වෙත බෝම්බ හෙ#ලීමේ සූදානමක?

ඊශ්‍රායල – ඉරාන යුද්ධයේ අතරමැදිකරුවෙකු ලෙස බොහෝ යුද විශ්ලේෂකයින් අර්ථ කථනය කරන අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරියේ දී ඉරානයට ලබාදෙන දඬුවම සම්බන්ධයෙන් තමන් ලබාදෙන අවසාන නියෝගය නිකුත් කිරීමේ ප්‍රමාදයක් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එනම් ඊයේ (18) පස්වරුවේ ඉරානයේ උත්තරීතර නායකයා වන අල්තුල්ලා කමේනි කළ ප්‍රකාශයෙන් අනතුරුව අමෙරිකා ඊශ්‍රායලය සමග ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට බෝම්බ හෙලීමේ සැලසුමක් පවතිනු ඇති බවත් ඒ ගැන ට්‍රම්ප් තවදුරටත් නිල ප්‍රකාශයක් හෝ සිදු කර නොමැති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මැදපෙරදිග යුද්ධයේ සත්වැනි දිනය අද වන අතර ටෙහෙරානය න්‍යෂ්ටික වැඩසටහන අත් හරිනු ඇත්දැයි තවමත් අමෙරිකාව අවධානයෙන් සිටින බවයි වාර්තා වන්නේ.

වෝල් ස්ට්‍රීට් ජර්නල් උපුටා දක්වමින් NDTV මාධ්‍ය වාර්තා කරන්නේ ධවල මන්දිරයේ තීන්දු තීරණ පිටතට දීමෙන් මේ දිනවල ඊශ්‍රායලය සම්බන්ධ කිසිවක් ප්‍රකාශ නොකිරීමට ද ට්‍රම්ප් වගබලාගෙන ඇති බවයි.

ඉරානයට ප්‍රහාර එල්ල කරනවා ද හෝ ඊශ්‍රායලය ගැන විමසූ විට ට්‍රම්ප් මෙලෙස පවසා තිබෙනවා.

“මට එය කළ හැකිය. මට එය නොකර සිටිය හැකිය. මම අදහස් කළේ, මම කුමක් කරනවාද යන්න කිසිවෙකු දන්නේ නැහැ” යනුවෙන්.

ට්‍රම්ප් පසුව කළ ප්‍රකාශවලදී ඉරාන නිලධාරීන් රැස්වීමක් සඳහා වොෂින්ටනයට පැමිණීමට අවශ්‍ය බවත් “අපට එය කළ හැකිය” බවත් පැවසුවා.

නමුත් ට්‍රම්ප් එම ප්‍රකාශය වැඩිදුරටත් විස්තර කරමින් ඉරානය මේ වනවිට සාකච්ඡාවලට ප්‍රමාද බව ද කියා සිටියා.

ජර්මනිය, ප්‍රංශය සහ බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යවරු හෙට (20) ජිනීවාහි දී ඔවුන්ගේ ඉරාන සහචරයා සමඟ න්‍යෂ්ටික සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ ඉරානය තම න්‍යෂ්ටික වැඩසටහන සිවිල් අරමුණු සඳහා පමණක් භාවිතා කරන බවට ස්ථිර ලෙස සහතික වීමට ඒත්තු ගැන්වීමේ අරමුණින් බව ජර්මානු රාජ්‍ය තාන්ත්‍රික මූලාශ්‍රයක් රොයිටර් පුවත් සේවයට පැවසූ බව ද NDTV මාධ්‍ය වාර්තා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
3
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිමාවේ නායකයින් දැන් යට ඇඳුම් පිටින් ඉන්නේ
10:54
Video thumbnail
වැඩි මිලට හාල් විකුණන්න නම් ලෑස්ති වෙන්න එපා - නාමල් කූඨ වෙළෙඳුන්ට සැර වෙයි
03:40
Video thumbnail
සංවිධානාත්මක අ#රාධකරුවන් ‍රැසක් නැවත ලංකාවට ගෙන්වා ගැනීමට විශේෂ වැඩපිළිවෙලක්
02:00
Video thumbnail
හොරකම් කළේ අම්මා අප්පා වුණත් නීතිය ක්‍රියාත්මක කරනවා
06:14
Video thumbnail
රාජිත පුතාට නහුතෙටම තදවෙයි
06:19
Video thumbnail
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය දුමින්ද දිසානායකට ඇප
01:48
Video thumbnail
පද්මේ සහ සලින්ත එක්ක කෝල් කතා කළ මාධ්‍යවේදියාට වැඩ වරදියි..?
17:04
Video thumbnail
අතුරුදන් වූ රාජිතට වැඩ වරදියි ද..
00:50
Video thumbnail
ෆොන්සේකා සජිත්ගේ පලු අරී - පතාක යෝධයෝ හැමෝම දාලා ගියා
14:41
Video thumbnail
යාපනය ශික්ෂණ රෝහල බලන්න ආ ඇමති නලින්දට හැමෝගෙම ආදරේ හම්බුණ හැටි
01:29


?