spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඥාණිස්සර නාහිමියෝ අපවත් වෙති

සියම් මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශ්වයේ සබරගමු පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක බලංගොඩ බෝමිබුව ශ්‍රී බෝධිමණ්ඩලාරාමාධිපති රාජකීය පණ්ඩිත පූජ්‍ය වටද්දර ඥාණිස්සර (92) නාහිමියෝ ඊයේ (25) අපවත් වූහ.

උන්වහන්සේ කූරගල පුදබිම ආරක්ෂා කිරීමට පුරෝගාමී වූ හිමි නමකි. උන්වහන්සේගේ දේහය මේ වන විට බලංගොඩ බෝමිබුව ශ්‍රී බෝධි මණ්ඩලාරාම විහාරස්ථානයේ තැන්පත් කර ඇත.

පුරා දසක පහක් කූරගල පුදබිම රැකගැනීමේ අරගලයට උරදුන් උන්වහන්සේ ගිහි පැවිදි කා අතරත් ජනප්‍රිය භික්ෂූන් වහන්සේ නමකි.

ආදාහන පූජෝත්සවය 27 වැනිදා සවස 2.00 බලංගොඩ දී සිදුකෙරේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
1
+1
25
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?