ජොනතන් ට්‍රොට් ඇෆ්ගනිස්ථාන ප්‍රධාන පුහුණුකරු තනතුරින් ඉවත්වෙන්න සැරසෙයි

2026 පිරිමි විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ජොනතන් ට්‍රොට් එම ධුරයෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.

මේ පිළිබඳ නිල නිවේදනය ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය ඊයේ (03) නිකුත් කළා.

ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය වැඩිදුරටත් නිවේදනය කළේ, කිසිදු ජාත්‍යන්තර කණ්ඩායමක් සදහටම තනි පුහුණුකරුවෙකු යටතේ නොපවතින අතර, මණ්ඩලය දිගුකාලීන විශිෂ්ටත්වය කරා ගොඩනැගීම දිගටම කරගෙන යන බැවින් මෙම වෙනස ඇෆ්ගනිස්ථානයට නව පරිච්ඡේදයක් සනිටුහන් කරනු ඇති බවයි.

එංගලන්ත ජාතික ජොනතන් ට්‍රොට් ඇෆ්ගනිස්ථාන ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වීමෙන් අනතුරුව කණ්ඩායම පෙරලිළිකාර ජයග්‍රහණ කිහිපයක්ම වාර්තා කළ අතර කණ්ඩායමේ සීඝ්‍ර වර්ධනය ද පෙන්නුම් කළා.

2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී එංගලන්තය, ශ්‍රී ලංකාව සහ පකිස්තානය යන කණ්ඩායම් පරාජයට පත් කිරීම, ඉතිහාසයේ පළමු වරට 2024 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීම ආදී සුවිශේෂී ජයග්‍රහණ රැසක් ඒ අතර වනවා.

මේ අතර ඔහු ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ මේ දක්වා කාලය තුළ ඇෆ්ගනිස්ථානය සහභාගී වූ එක්දින තරග 43න් 20ක් සහ විස්සයි විස්ස තරග 61න් 29ක් ජයග්‍රහණය කර තිබෙනවා.

2022 ජූලි මාසයේදී ප්‍රධාන පුහුණුකරු ලෙස ප්‍රථමවරට ට්‍රොට් වැඩ භාරගත් අතර,ඔහුගේ ආරම්භක ධුර කාලය මාස 18ක් වූ නමුත් 2024 දී ඔහුට මාස 12 ක දිගුවක් ලබා දෙන ලද අතර පසුව එය 2025 අවසානය දක්වා දීර්ඝ කිරීමට කටයුතු කළා.

මේ අතර ජොනතන් ට්‍රොට් එම තනතුරින් ඉවත්වීමෙන් පසු පත්කරන තැනැත්තා පිළිබඳව ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය තවමත් ප්‍රකාශයක් සිදුකර නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කුඩු එකක් ඇල්ලුවේ පොහොට්ටුවේ කෙනෙක් නෙවෙයිනේ..? - එප්පාවල සිද්ධිය ගැන නාමල් පුදුම වෙයි
02:46
Video thumbnail
යැපුම් මානසිකත්වයෙන් මිදෙන්න
00:20
Video thumbnail
අස්වැසුම ගන්න එකට සමාජයක් විදිහට ලැජ්ජ වෙන්න ඕනේ
03:46
Video thumbnail
කුඩුත් එක්ක මාට්ටු වූ මාලිමා මන්ත්‍රීනිගේ සැමියා අද අධිකරණයට
01:15
Video thumbnail
බඩු තියෙනවද ඔයා ගාව..? යන්කෝ පොලිසියට ගිහින්ම බලමු..!
06:05
Video thumbnail
ඇල්ලට ගිහින් එද්දී සිදු වූ බිහිසුණු අනතුරින් තරුණයින් දෙදෙනෙකු රෝහලට
01:19
Video thumbnail
කුඩු එක්ක මාට්ටු වූ විදුහල්පති සැමියාගේ බිරිඳ මාලිමාවෙන් දොට්ට‍..?
01:39
Video thumbnail
දළදා මාලිගාව ලෝකයේ බෞද්ධයන්ගේ මධ්‍යස්ථානයක් කරනවා
03:39
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරියගේ සැමියා කුඩුත් එක්ක මාට්ටු
02:43
Video thumbnail
ආණ්ඩුව විලි ලැජ්ජා නැති වැඩ කරන්නේ
02:18


?