ජුනි 7ට පසු සංචරණ සීමා පැනවේද ? හමුදාපතිගෙන් ප්‍රකාශයක්

එළඹෙන ජුනි 7 වෙනිදා දිනෙන් පසුව සංචරණ සීමා දැමීම පිළිබඳව මේ වන තෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

එබැවින් 7 වැනිදායින් පසුත් සංචරණ සීමා දිගු කරන්නේ නම් ඒ පිළිබඳව විශේෂඥවරුන්ගේ සහ අනෙකුත් පාර්ශ්වවල නිර්දේශ ලබා ගෙන ඒ පිළිබඳව තීරණය කරන බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඒ අනුව ඉදිරි දින කිහිපය ඇතුළත සංචරණ සීමා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට හැකියාවක් පවතින නමුත් අද (31) උදෑසන වන තෙක් එවැනි තීරණයට එළඹ නොමැති බවත් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
57
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?