ජුනි මාසයේදී විදෙස් ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ඉහළට

ජුනි මාසයේ විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණවල වැඩිවීමක් වාර්තා වී ඇති බව විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා.

ජූනි 23 වනදා වන විට එය ඇමෙරිකානු ඩොලර් මිලියන 476ක් ලෙසට වාර්තා වූ බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

එය 2022 වසරේ අදාළ කාලය තුළ වාර්තා වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 274.3ට වඩා සැලකිය යුතු වර්ධනයක් බව විදේශ රැකියා අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

2023 ජූනි 23 වැනිදා වන විට මෙරට සමස්ත ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 2823.3ක් වන බව අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළා.

ඔහු පෙන්වා දෙන්නේ පසුගිය වසරට වඩා විදේශ ප්‍රේෂණවල වැඩි වීමක් දැකීමට ලැබීම සතුටට කරුණක් බවයි. නමුත් අප තවමත් සිටින්නේ තවමත් 2021 වසරේ පැවති මට්ටම්වලට වඩා තරමක් පහළින් වන අතර විදෙස් රටවල වෙහෙස මහන්සි වී වැඩ කරන ගෝලීය ප්‍රජාවගේ ප්‍රේෂණ සඳහා අඛණ්ඩව ශක්තිය ලබාදිය යුතු බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මැයි මාසයේදී ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 480ක විදේශ ප්‍රේෂණ ලැබී තිබෙනවා.

විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් විසින් ජුනි 23 වන විට ඒවා ඇති මුළු ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් බිලියන 2,347ක් දක්වා ළඟා වී ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය අප්‍රේල් මාසයේදී, ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ විදේශ ප්‍රේෂණ 2022 අප්‍රේල් මාසයේදී වාර්තා වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 248.9 සිට ඇමෙරිකානු ඩොලර් මිලියන 454.0 දක්වා වැඩි වී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?