AFC Banner
AFC Banner
Empty Ad

ජීවිතයේ හැමදෙයක්ම සතුටින් භාරගත යුතුයි” කියමින් පවිත්‍රා සමුදුන් මොහොත

නව අමාත්‍යධුරයේ කටයුතු ඇරඹීමට පෙර පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය තමන් මීට පෙර කටයුතු කළ සෞඛ්‍ය අමාත්‍යාංශයට ගොස් නිලධාරීන්ට ස්තූතිය පළකළ අවස්ථාව පිළිබඳව අද (17) පුවත්පත් ද සිය වාර්තා අතරට එක් කර තිබෙනවා.

තම අමාත්‍යාංශයේ වෙනසක් වෙයි කියා බලාපොරොත්තු නොවූ බවත්, ජීවිතයේ සෑම දෙයක්ම සිදුවන්නේ හොඳට යැයි තමා විශ්වාස කරන කරුණක් නිසා ලැබෙන ඕනෑම දෙයක් සතුටින් භාරගැනීමට කටයුතු කරන බවත්, හිටපු සෞඛ්‍ය අමාත්‍යවරිය වන පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය එහිදී සඳහන් කරනු ලැබුවා.

“බලාපොරොත්තු නොවුනු මොහොතක, සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවට ප්‍රවාහන අමාත්‍යාංශය මට භාරදීලා තිබෙනවා. මං ඇත්තටම දැනගෙන හිටියේ නැහැ මෙහෙම මාරුවීමක් සිද්ධවෙනවා කියලා. කොහොම වුණත් ජීවිතයේ හැමදෙයක්ම සතුටින් භාරගත යුතුයි.” යනුවෙන් ඇය එහිදී නිලධාරීන්ට සඳහන් කර සිටියා.

හිටපු සෞඛ්‍ය අමාත්‍යවරිය වන පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය එහිදී කරන ලද කතාවේ වැඩිදුර තොරතුරු පහතින් නැරඹිය හැකියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?