ජාතික සභා අනු කමිටුවක සභාපති ධුරය මන්ත්‍රී නාමල් රාජපක්ෂට

ජාතික සභා අනු කමිටුවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පත්වී තිබෙනවා.අනු කමිටුවේ සභාපති ධූරය සඳහා ඔහුගේ නම යෝජනා කරන ලද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් විසින් වන අතර එය ස්ථිර කරන ලද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් විසිනි.

ඩකෙටි,මධ්‍යම හා දිගුකාලීන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම උදෙසා පිහිටවුවා. එහිදී රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය පිළිබඳ සමාජික මන්ත්‍රීවරයන් විසින් සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කරනු ලැබුවා.

එහිදී, රාජ්‍ය පරිපාලනය නවීකරණය කිරීම, සෞඛ්‍යය ප්‍රතිපත්ති නවීකරණය, අධ්‍යපන ප්‍රතිපත්ති නවීකරණය, ධීවර හා ආහාර ප්‍රතිපත්ති නවීකරණය, විදුලිබල සහ බලශක්ති ප්‍රතිපත්ති නවීකරණය, දේශගුණික විපර්යාසයන් පිළිබඳ ප්‍රතිපත්ති නවීකරණය කිරීමට සහ ව්‍යවසායකත්වය පිළිබඳ ප්‍රතිපත්ති නවිකරණය කිරීමට අදාළ අදහස් සහ යෝජනා ලබා ගැනිම සඳහා අදාළ ක්ෂේත්‍රයන්හි විශේෂඥයන් අනු කමිටුව හමුවට කැඳවීමට සාමාජික මන්ත්‍රීවරයන් එකඟ වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?