ජාත්‍යන්තර එක්දින පිටියේ වාර්තා අලුත් කළ ස්ටාර්ක්

ජාත්‍යන්තර එක්දින පිටියේ කඩුලු 05 බැඟින් වැඩිම අවස්ථා ගණනක දී දවාගත් පන්දු යවන්නන් අතර තුන්වන ස්ථානයට පැමිණීමට ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක්ට අද හැකියාව ලැබුණා.

ඒ, ඉන්දියාව සමඟ අද (19) විශාකාපට්නම් හිදී පැවති දෙවන එක්දින තරගයේ දී ලකුණු 53ක කඩුලු 05ක් දවාගෙන තරගයේ වීරයා බවට ද පත්වෙමින්.

ඔහු අද තරගයේ දී දවාගත් කඩුලු 05 සමඟ අවස්ථා 09ක දී කඩුලු පහ බැඟින් දවාගෙන තිබෙනවා.

මිචෙල් ස්ටාර්ක් මෙම දස්කම දක්වා ඇත්තේ ජාත්‍යනතර එක්දින තරග ඉනිම් 109කට ක්‍රීඩා කරමින් වීම විශේෂත්වයක්.

මෙහි පළමු තැන පාකිස්ථාන හිටපු වේග පන්දු යවන ක්‍රීඩක වකාර් යුනිස් පසු වන්නේ කඩුලු 05 බැඟින් දවාගත් අවස්ථා 13ක් ද සමඟයි.

එහි දෙවන ස්ථානයේ ලොව අංක එකේ දඟ පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් පසුවන අතර, ඔහු එක්දින ඉනිම් 341ක් ක්‍රීඩා කරමින් අවස්ථා 10කදී කඩුලු 05 බැඟින් බිඳ දමා තිබෙනවා.

  1. වකාර් යුනිස් – අවස්ථා 13 (ඉනිම් 258)
  2. මුත්තයියා මුරලිදරන් – අවස්ථා 10 (ඉනිම් 341)
  3. මිචෙල් ස්ටාක් – අවස්ථා 09 (ඉනිම් 109)*
  4. බ්‍රෙට් ලී – අවස්ථා 09 (ඉනිම් 217)
  5. ෂහීඩ් අෆ්‍රිඩි – අවස්ථා 09 (ඉනිම් 372)
  6. ලසිත් මාලිංග – අවස්ථා 08 (ඉනිම් 220)
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
7
අවුල් වගේ !
1
හරි හිනා !
2
හම්මෝ !
0
මාර දුකයි !
6
මලපනිනව !
1
කුජීතයි !
2
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?