ජවිපෙ සැප වාහන කතාව පට්ටපල් බොරු – ඇමති නිමල්

සුපිරි වාහන 239ක් රාජ්‍ය ඇමැතිවරුන්ගේ පාවිච්චිය වෙනුවෙන් ගෙන්වා ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ කළ ප්‍රකාශය බොරුවක් බව තමා වගකීමෙන් ප්‍රකාශකරන බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සඳහන් කළා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (23) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින්.

මේ සිද්ධිය සම්බන්ධයෙන් වරාය අධිකාරියට අනුබද්ධිත ආයතනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ද කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙම අසත්‍ය ප්‍රකාශය කළ සියලු පුද්ගලයන් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව හමුවට කැඳවන ලෙසට ද නිමල් සිරිපාල ද සිල්වා ඉල්ලීමක් ද කරනු ලැබුවා.

ඔහු මෙසේ පැවසුවේ රාජ්‍ය අමාත්‍යවරුන්ට සැප වාහන 239ක් ගෙනැවිත් ඇති බවට

ජනතා විමුක්ති පෙරමුණේ සමන්ත විද්‍යාරත්න සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?