රාජාංගනය- ගිරිබාව විවිධ සේවා සමුපකාරයේ ඡන්ද විමසීම ඊයේ ( 12-10 ) දින ගිරිබාව සමූපකාර පරිශ්රයේදී පැවැත්විණි .
මේ සදහා පොදුජන පෙරමුණ , ශ්රී ලංකා නිදහස් පක්ෂය , සමගි ජනබලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ යන පක්ෂ වල සාමාජිකයින් අපේක්ෂකයින් ලෙද ඡන්දයට ඉදිරිපත් වී ඇති අතර මෙවර ජනතා විමුක්ති පෙරමුණ විසින් ගිරිබාව සමුපකාර සමිතියේ ප්රාදේශික 22 න් 11 ක් ජයගෙන තිබේ .
ගිරිබාව සමුපකාර සමිතිය සදහා මහ සහා නියෝජිතයින් 100 කු තොරා ගනු ලබන අතර ඉන් 60 කුගේ බහුතරය හිමි කරගෙන රාජාංගනය- ගිරිබාව විවිධ සේවා සමුපකාරයේ බලය තහවුරු කර ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ මෙවර සමත් වී තිබේ .
වත්මන් රජය පිළිබඳ වන්නියේ ජනතාව සතුව පවතින අප්රසාදය මෙම ඡන්ද ප්රතිඵලයෙන් මනාව පිළිබිබු වන අතර සමූපකාරයේ පැවැති පාලනය මෙන් ජනතා විමුක්ති පෙරමුණ ප්රමුණ ජාතික ජන බලවේගය වංචාවෙන් දූෂණයෙන් කෘෂි නිෂ්පාදන මූලික කරගත් , සමූපකාර සමාජිකයාට ප්රතිලාභ ලැබෙන ආකාරයේ ජනතාවාදී සමූපාකාරයක් බවට පත් කිරීමට කටයුතු කරන බව ගිරිබාව ප්රාදේශිය සභාවේ ජනතා විමුක්ති පෙරමුණෙහි මන්ත්රී ඩී.පී උපාලි ජයසිංහ මහතා සඳහන් කලේය .