ජල බිල වැඩිවන්නේ මෙහෙමයි

නිසැකවම ජල බිල වැඩි වන බව සෞඛ්‍ය සහ ජල සම්පාදන අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පවසනවා.

මෙලෙස ජල බිල වැඩිවන්නේ වසර 11ට පසුව වන අතර රුපියල් 50ට තිබූ සේවා ගාස්තුව රුපියල් 300 දක්වා වැඩි වන බව ඔහු පැවසුවා.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“අපේ ජල කියුබික් මීටර් 15ක් එහෙමත් නැත්තම් ලීටර් 500ක් අපි අර සර්විස් චාර්ජ් එක ඇතුලේ දෙනවා. ඒ කියන්නේ රුපියල් 300ට. උදාහරණයකට ගත්තොත් ලීටර් 15,000ක් වතුර මාසෙට දෙනවා. එතනින් එහාට ස්ලැබ්ස් ස්කේල් එකට තමයි වැඩි වෙන්නේ.ලෝකේ මතයක් තියෙනවා 5 දෙනෙකුගේ පවුලකට සාමාන්‍යයෙන් ලීටර් 500ක් දවසකට ඉවුම් පිහුම් සහ සනීපාරක්ෂක වැඩ වලට ප්‍රමාණවත් කියලා. වෝටර් බෝර්ඩ් එකෙන් දෙන්නේ ශත 2යි. හැබැයි වෙළෙඳපොලේ වතුර ලීටරේ බෝතලයක් රුපියල් 120 කට 130කට විකිණෙනවා.

මේ වෙනකොට ජල සම්බන්ධතා 62%කට වර්ධනය කරලා තියෙනවා. තවදුරටත් වතුර මණ්ඩලේ දුවන්න බැහැ. ඉතාමත් සාධාරණ ගාණක් තමයි වැඩි කළේ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?