ජල ප්‍රශ්නයට මුල් වූ කරුණු සොයා බැලීම කොමිසමක් හෝ තේරීම් කාරක සභාවක් පත්කර හෝ සිදුකළ යුතු බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර පවසනවා.
එමෙන්ම නිලධාරී යාන්ත්‍රණය තුළ ද ගැටලු පවතින බව ද ඔහු සඳහන් කර සිටියා.
රටට ජල ප්‍රතිපත්තියක් අත්‍යාවශ්‍ය බව පවසන කෘෂිකර්ම අමාත්‍යවරයා රටේ ජලාශ සියල්ල එක් ස්ථානයකින් පාලනය කළ යුතු බවයි පවසන්නේ.
මේ අතර උඩවලව ජලාශය සිදී යාමත් සමඟ වළව ගොවීන් මුහුණ දී ඇති ගැටලුවට තවමත් සම්පූර්ණ විසඳුමක් ලැබී නොමැති බවයි සඳහන් කළේ.
නිකුත් කරනු ලබන ජලයෙන් වැඩි ප්‍රමාණයක් දැඩි වියළි පොළවට උරාගන්නා බවත් මේ හේතුවෙන් අවසාන කොටසේ ගොවීන්ට ජලය ලැබී නොමැති බවත් වැඩිදුරටත් සඳහන් කර සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
1
+1
+1
+1













