ජල ගැටලුවක් විසඳන්න ගිය ගොවි මහතෙකු ජීවිතක්ෂයට

හබරණ,සෙවනගම ප්‍රදේශයේ පිහිටි වෙල් යායකදී ජල ගැටලුවක් මුල් කර ගනිමින් උදැල්ලකින් සිදු කල පහරදීමක් මගින් අද හවස ගොවි මහතෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙලෙස අවාසනාවන්ත අන්දමින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හබරණ,හබරණගම ප්‍රදේශයේ පදිංචිව සිටි සුනිල් ප්‍රේමසිරි නම් වයස අවුරුදු 51ක තිදරු පියෙක් වන ගොවි මහතෙකි.

මිය ගිය පුද්ගලයා ඔහුට අයත් හබරණ,සෙවනගම දඹගහයාය ප්‍රදේශයේ පිහිටි සිය කුඹුරේ වගා කර තිබී වී වගාවන් සදහා කෘෂි රසායනික ඉසිමින් සිටි අවස්ථාවේ ජල ගැටලුවක් මුල් කරගනිමින් මිය ගිය පුද්ගලයාගේ නෑදෑ පුද්ගලයෙකු විසින් ඔහුගේ හිසට උදැල්ලෙන් පහරදී ඝාතනය කර ඇති බව හබරණ පොලීසිය පවසයි.මෙම ඝාතනය සිදු කල,පුද්ගලයා ඝාතනය සිදු කිරීමෙන් අනතුරුව හබරණ පොලීසියට භාරවීමෙන් පසු ඔහු අත් අඩංගුවට ගෙන ඇත.

මෙම ඝාතනය සිදු කර ඇති පුද්ගලයාද හබරණගම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 38ක දෙදරු පියෙකි.ඔහුද ගොවිතැන් කටයුතුවල නිරත පුද්ගලයෙකු වන අතර වී වගාවේ ජල ගැටලුවක් සම්බන්ධයෙන් ඔවුන් අතර සිදුවූ බහින් බස් වීමක් දුරදිග ගොස් මෙලෙස උදැල්ලෙන් පහරදී මෙම ගොවි මහතා ඝාතනය කර ඇති බවට මූලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය කර ගෙන ඇත.උදැල්ලෙන් හිසට පහරදීම හේතුවෙන් එම පුද්ගලයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇත.

මිය ගිය පුද්ගලයාගේ මෘත ශරීරය හබරණ ප්‍රාදේශීය රෝහලේ තබා ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සදහා හා මහේස්ත්‍රාත් පරීක්ෂණ සදහා එම මෘත ශරීරය දඹුල්ල මූලික රෝහල වෙත රැගෙන යාමට නියමිතය.මෙම ඝාතනය සම්බන්දයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණ කටයුතු හෙට දින සිදු කිරීමට නියමිත අතර මෙම ඝාතනයට සම්බන්ධ සැකකරු හෙට දින කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.මෙම ඝාතනය පිලිබදව වැඩිදුර පරීක්ෂණ කටයුතු හබරණ පොලීසිය විසින් සිදු කරගෙන යනු ලබති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
1
+1
0
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?