ජපානයේ රැකියා දෙන බව පවසා කෝටි දෙකක් වංචා කරලා

ජපානයේ විදේශ රැකියා දෙන බව පවසමින් පුද්ගලයින් 20 දෙනෙකුට රුපියල් කෝටි 02කට වැඩි මුල්‍ය වංචාවක් සිදුකළ පුද්ගලයෙකු කඩුගන්නාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු පිළිමතලාව ඌරාපොල ප්‍රදේශයේ පදිංචි 41 හැවරිදි අයෙක්.

ඔහු ඌරාපොල ප්‍රදේශයේ විහාරස්ථානයක හිමි නමක් ලෙස වැඩසිටි කාලය තුළ විවිධ පුද්ගලයින්ගෙන් මුදල් ලබා ගෙන ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වුණා.

සැකකරු ජපානයේ රැකියා ලබාදෙන බව පවසමින් රුපියල් ලක්‍ෂ 6 සිට ලක්‍ෂ 14 දක්වා පුද්ගලයින්ගෙන් මුදල් වංචා කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඔහු අද මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?