අන්තර්ජාලය ඔස්සේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳ අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කලේ ජපානයේ මට්ටමේ සිටි මෙරට මේ වන විට ඇෆ්ගනිස්ථානය මට්ටම දක්වා පහත වැටී ඇති බවයි. රට මේ තත්වයෙන් ගොඩගැනීමට එක් මතයක් මත කටයුතු කළ යුතු බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.
විවිධ පීඩාවන්ට ලක්ව සිටින ජනතාවට කෙටිකාලීන සහන ලබාදිය යුතු බවත් පාර්ලිමේන්තුව සමඟ එක්ව කැබිනට් මණ්ඩලය තීරණ ගත යුතුව ඇති බවත් ඒ මහතා පවසනවා.
මෙහිදී වැඩිදුරට්ත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා,
“අපිට ඇත්ත වශයෙන්ම වැඩසටහනක් තියෙනවා. අනාගතය ගැන අපි කතා කරන්නේ. එතැනින් මතයක් ඇති කරලා අපි එකතු වෙන්න ඕනේ. පරණ ක්‍රමයට ආපහු යන්න බෑ. පෙරමුණු ගැහුවා කියලා දිනන්නේ නෑ. ජනතාවට ඕනේ කොහොමද මෙතැනින් ගොඩ එන්නේ, ඒ ගොඩ එන්න වැඩසටහනක් තියෙනවා ද? දීර්ඝ කාලීනව ලංකාව ගැන මොකද්ද කරන්නේ කියලා දැනගන්න. මොකද විශේෂයෙන් ම අද ලංකාව වැටිලා තියෙන්නේ. අපි ඉපදුන කාලයේ ජපානය එක්ක හිටියේ. අද අපි ඉන්නේ ඇෆ්ගනිස්ථානය එක්ක.