ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (29) පාර්ලිමේන්තුවේ දැක්වූ ප්‍රතිචාරයක් මාධ්‍ය කිහිපයකින් විකෘති වන ආකාරයට වාර්තා කිරිමක් නිවැරැදි කරමින් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පළාත් සභා වෙනුවට දිස්ත්‍රික් සංවර්ධන කමිටු පිහිටුවීමට ජනාධිපතිවරයාගේ සූදානමක් තිබෙන බවට පළකල වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව එම මාධ්‍ය නිවේදනයෙන් දන්වා තිබෙනවා

හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළාත් සභා තුළ දිස්ත්‍රික් සංවර්ධන කමිටු පිහිටුවීමට සූදානම් බව ඊයේ පැවති පාර්ලිමේන්තු අයවැය විවාදයේදී සඳහන් කළබව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඒ හැර පළාත් සභා විසුරුවා හැරීමක් පිළිබඳ ජනාධිපතිවරයා කිසිඳු ප්‍රකාශයක් සිදු කර නොමැති බවද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ  නිවේදනයේ සඳහන් .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?