ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ගැන නීතිඥ සංගමයෙන් පොලිස්පතිට ලිපියක්

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාගේ නිවස අසල අද පැවැත්වූ විරෝධතාව හෙළා දකින බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා.

ශ්‍රී ලංකාවේ කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නදුන් චින්තක හෙවත් හරක් කටා වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පෙනී සිටීමට විරෝධය පළ කරමිනුයි අද දහවල් මෙම විරෝධතාවය පැවැත් වුණේ.

මෙම විරෝධතාව හෙළා දකිමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා තම වෘත්තීය කටයුතු සිදු කරන්නේ කිසියම් සේවාදායකයකු සම්බන්ධයෙන් පමණක් බවයි.

මෙම විරෝධතාව මගින් සේවාදායකයෙකු වෙනුවෙන් පෙනී සිටීමට ඇති අයිතියට බරපතල බාධාවක් වන බව අදහස බව අදාළ නිවේදනය මගින් පෙන්වා දෙනවා.

එය නීතියෙන් සුරක්ෂිත කර ඇති වෘත්තීය අයිතිවාසිකමක් බව ද ලිපියේ සඳහන්.

නීතීඥවරයෙකු ලෙස සාලිය පීරිස්ගේ වෘත්තීය රාජකාරිවලට බාධාවක් නොවන බවටත් ඔහුගේ ආරක්ෂාව තහවුරු කිරීමටත් පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා.

BASL 1
BASL 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?